ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික ව්‍යවසායක සම්මාන ප්රදානය සඳහා පෙර වසර හා සාපේක්ෂව මෙරට ව්‍යාපාරික ප්‍රජාව වැඩි උද්යෝගයකින් කටයුතු කරන බවත්, ඒ සඳහාම වෙන් වූ ව්‍යවසායක සම්මාන ඒකකයක් සථාපිත කිරීමට තම ආයතනයට සිදු වූ බවත් ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපලආරච්චි මහතා පවසා සිටියේය.
මෙම සම්මාන ප්රදානය අංශ කිහිපයක් යටතේ ව්‍යාපාරිකයන් ඇගයීමට ලක්කරන බව ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පවසයි. අති විශාල, විශාල, මධ්‍යම හා සුළු පරිමාණ වශයෙන් එම අංශ බෙදා වෙන් කර ඇත. විශේෂයෙන් අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීමට අමතරව ඒ සඳහා පවත්වනු ලබන විශේෂ සම්මුඛ පරීක්ෂනයක් සහ ක්ෂේත්‍ර පරීක්ෂාවක්ද සිදුකෙරන බව කියයි. සෑම අයදුම්කරුවෙකුට හිමි ආයතනයක්ම ක්‍රියාකාරීත්වය විශේෂ කමිටුව අධීක්ෂණය කරනු ලබන අතර එහිදී ආයතනය සේවක පහසුකම් ආදී අංශ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලබන බවද පෙන්වා දෙයි.
මෙම ව්‍යවසායකත්ව සම්මාන ප්රදානය සදහා අයදුම්පත්‍ර ලබාගැනීම කොළඹ 06, හැව්ලොක් පාර, අංක 696/3/4 පිහිටි ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකි අතර, ඒ සඳහා වැඩිදුර විස්තර 011-236 699 6/7 දුරකථන අංක හරහා ලබාගත හැකි බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.