වයඹට රු කෝටි 9ක් වටිනා සුඛෝපභෝගී බස්
දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව රටේ පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩල උළෙල වෙනුවෙන් ගෙනා රු.කෝටි 9ක් වටිනාකමකින් යුතු සුඛෝපභෝගී බස් රථ 6ක් වයඹ පළාතේ බස් ඩිපෝ 4කට ලබාදී තිබේ.
එම බස් රථවලින් බස් රථ 2ක් හලාවත ඩිපෝවටද, තවත් බස් රථ 2ක් කුලියාපිටිය ඩිපෝවටද, අනෙකුත් බස් රථ 2 කුරුණෑගල උතුර සහ දකුණ යන ඩිපෝ සඳහාද ලබා දී ඇත.
රු.කෝටි එක හමාරක් බැගින් වටිනා එම බස් රථවලින් කුරුණෑගල උතුර හා දකුණ ඩිපෝවට අයත් සුඛෝපභෝගී බස් රථ දෙක කුරුණෑගල බස් නැවතුම්පළේදී වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ විසින් ධාවනයට එක් කරන ලදී.
ඉදිරියේදී පළාතේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීම වෙනුවෙන් තවත් බස්රථ විශාල ප්‍රමාණයක් ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවද රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා පවසනු ලැබීය.
මෙම අවස්ථාවට කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතා, ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
