මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගිය සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටීන් ලැගාර්ඩ් මහත්මිය හා ලෝක බැංකු කළමනාකාර අධ්යක්ෂ ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී මහත්මිය සමග සාර්ථක සාකච්ඡා වටයක් පැවැත්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලාංකික නියෝජිත පිරිස විසින් දිගුකාලීන තිරසාර සංවර්ධනයක් හා ආර්ථික වර්ධනයක් සඳහා වූ නව රජයේ ප්රතිප්ත්ති එහිදී ඔවුන් වෙත විස්තර කර දී ඇති අතර, දැනටමත් නාස්තිකාර වියදම් හා දූෂණයන් මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පෙන්වා දී තිබේ.