අවිස්සාවේල්ල, කළුඅග්ගල පිහිටි ශ්‍රී ලංකාවේ එකම හා සුවිශාලතම වින්දන උද්‍යානය වන ලෙෂර්වර්ල්ඩ් වින්දන උද්‍යානය 2016 වසරේදී සිය අභිමානවත් 10 වැනි සංවත්සරය සමරයි.
ශ්‍රී ලාංකිකයන් එදාමෙදා තුර අත්නොවිඳි සුවිශේෂී වින්දනීය අත්දැකීම් සමගින් පුරා දශකයක කාලයක් තුළ සිය අභිමානය ප්‍රකට කරන ලෙෂර්වර්ල්ඩ් වින්දන උද්‍යානය මේ සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, 2016 මාර්තු 15 සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ ලෙෂර්වර්ල්ඩ් වින්දන උද්‍යානයට පැමිණෙන ඔබට සැමට, ඔවුන්ගේ සියලුම පැකේජ සඳහා 50% ක වට්ටමක් හිමිවන බව ලෙෂර්වර්ල්ඩ් කළමනාකාරීත්වය නිවේදනය කර සිටියි.
සඳුදා දින හැර සතියේ සෑම දිනකම උදෑසන 09.00 සිට ඔබ වෙනුවෙන් විවෘතව ඇති ලෙෂර්වර්ල්ඩ් වින්දන උද්‍යානයට පැමිණ මේ උත්සව සමයේ ඇති තරම් විනෝදවීමට ඔබටත් අවස්ථාව උදාවී ඇත.