ලිතුවේනියානු ජනරජය ශ්‍රී ලංකාවේ සිය ගෞරව කොන්සල් කාර්යාලය විවෘත කරමින් සුප්‍රීම්සැට් ආයතනයේ සභාපති සහ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ව්‍යාපාර සමූහයේ අධිපති ආර්.එම්.මනිවන්නන් මහතා එම ගෞරව කොන්සල් ධුරයට පත්කොට ඇත.
මනිවන්නන් මහතා නැගීඑන වෙළෙඳ පොළවල විශාලආයෝජන සිදුකරන පෞද්ගලික ආයෝජකවරයෙකු ලෙස නම් දරන අතර, ඔහුට අප්‍රිකාවේ මොරිටානියාව, කොංගෝව, උගන්ඩාව, මැඩගස්කරය සහ කෙන්යාව යනාදී රටවල මහා පරිමාණ කාර්මික ඛණිජ සම්පත් කැණීම් අයත් බව එම සමාගම් සමූහය නිවේදනය කරයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ස්ථාපිත සුප්‍රීම්සැට් සමාගම සහ ඇමරිකාවේ %සිලිකන් නිම්නයේ^ සමාගමක් වන %එක්සෑක්ට්ෆාමින්ග්^ සමාගම සමග ඉතා සාර්ථක ලෙස අභ්‍යවකාශ කර්මාන්තයෙහි ආයෝජනයන්ද හෙතෙම සිදුකර ඇති බව පෙන්වා දෙයි.
ලිතුවේනියාව යුරෝපා සංගමයෙහි, නේටෝ සංවිධානයෙහි සහ ලෝක වෙළෙඳ සංගමයේ සාමාජිකත්වය දරන අතර, ඔවුන් 2014 වසරේ ජනවාරි මස, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි නිත්‍ය නොවන සාමාජිකත්වය ලබාගත් අතර, 2015 වසරේදී යුරෝපා ආර්ථික කලාපයට එක්විය.
මෙම කොන්සල් කාර්යාලය, 33 වැනි මහල, බටහිර කුලුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ-01 ලිපිනයේ ස්ථාපිත වනු ලබන අතර, ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර පවතින ශක්තිමත් සබඳතාවට නව අරුතක් එක් කරනු ඇති බවද පෙන්වා දෙයි.