ලොව අතිශයින් ජයප්‍රියතම සංචාරක වෙබ් අඩවිය වන ටිප් ඇඩ්වටයිසර් මගින් ලක්සල ආයතනයේ පාරිභෝගික සේවය, ඔවුන්ගේ අවශ්‍යතා සහ ප්රමුඛතාවයන් වලට මුල්තැන දීම හේතුවෙන් විශිෂ්ඨතම 2014 සම්මානය පිරිනමා ඇත. ටිප් ඇඩ්වටයිසර් වෙබ් අඩවියට මසකට පැමිණෙන ග්‍රාහකයින් ගේ සංඛ්‍යාව දශලක්ෂ 260කට ආසන්නය.
කලක් පාඩු ලබන ආයතනයක්ව තිබූ ලක්සල එහි සභාපති ලෙස අනිල් කොස්වත්ත මහතා පත්වීමත් සමඟම නවීකරණයට ලක් වෙමින් දේශීය හස්ත කර්මාන්ත කේෂේත්රයේ පුරෝගාමියා බවට පත්විය. වාණිජ වශයෙන් වටිනා සමාජ වගකීම මැනවින් හදුනා ගත් ලක්සල ආයතනය අන්තර්ජාල මිලදී ගැනීම සදහා ලක්සල වෙබ් අඩවිය මගින්ද පහසුකම් සලසා ඇත.
ලක්සල ලැබූ සම්මාන සහතිකය ජුනි 26වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගේ ඇගයුම්ට ලක්වූ අවස්ථාව මෙහි දැක්වේ. උද්භීද උද්‍යාන සහ පොදු විනෝදාත්මක පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ සහ ලක්සල සභාපති අනිල් කොස්වත්ත යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්වී සිටියහ.