ශී‍්‍ර ලංකාව තුළ දුම්රිය නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳව සොයා බලන බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා සඳහන් කර ඇත.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු ජනපතිවරයා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවේදී ඉන්දුනීසියානු ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.
මීට අමතරව වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා ශී‍්‍ර ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බවද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසා ඇත.
ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයෙකු ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වූයේ ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුකර්නෝ මහතා 1979 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව වසර 38 කට පසුව වීමද විශේෂත්වයකි.
ප්‍රධාන ක්ෂේත්‍ර 03 ක් ඔස්සේ නායකයන් දෙපළ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම, දෙරට අතර පුද්ගල සහ ආයතනික ධාරිතා වර්ධනය කරගැනීම සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී ප්රමුඛ අවධානයක් යොමු විය.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු කෙරිණි.
මෙහිදි නව අවබෝධතා ගිවිසුම් 03 කටද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
උසස් අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, නීති විරෝධි අයුරින් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ප්‍රවාහනය මැඩලීමේ අවබෝධතා ගිවිසුම සහ සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳ අවබෝධතා ගිවිසුම ඊට ඇතුළත්ය.