ශ්රී ලංකාවේ ප්රමුඛතම ව්යාපාරික මණ්ඩලයක් වන ලංකා වාණිජ මණ්ඩලය සිය ප්රධාන විධායක නිලධාරී ධුරය සඳහා ධාරා විජේතිලක මහත්මිය තෝරාපත් කරගත් බව පවසයි. ඒ අනුව 2016 වසරේ මාර්තු 01 වැනිදා සිට ඇය එම ධුරයේ කටයුතු කරන බව එම මණ්ඩලය සඳහන් කර සිටියි. එසේම ඇය ලංකා වාණිජ මණ්ඩල ඉතිහාසයේ ප්රධාන විධායක ධුරයට පත්වූ ප්රථම කාන්තාව ලෙසටද ඉතිහාසයට එක්ව සිටින්නීය.
මෙම නව ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විජේතිලක මහත්මිය සිය රාජ්ය සහ පෞද්ගලික අංශයේ අත්දැකීම් සම්මිශ්රණය කරමින් වසර 176 ක් පැරණි ලංකා වාණිජ මණ්ඩලය නව ඉසව්වක් කරා රැගෙන යන බවද කියා සිටියාය'