ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූඑස්එන්එස් මර්සි (USNS Mercy) නෞකාවේදී ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු වෛද්‍යවරු එක්ව මෙරට ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මයක් සිදුකර තිබේ.
බහු ජාතික ශල්‍ය වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පසුගිය මැයි 04දා ඩාවින්සි Xi රොබෝ ශල්‍ය පද්ධතිය (Da Vinci Robot Surgical System) යොදා ගනිමින් මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.
එහිදී, ශ්‍රී ලාංකේය පුරවැසියෙකුගේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකළ බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.