ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කර ඇති අතර, ඒ මහතා හෙට (28දා) පෙ.ව. 9.00 ට වැඩභාර ගැනීමට නියමිතය.
නීතීඥ අංශයේ පුළුල් අත්දැකීම් ඇති පෙරේරා මහතා අභියාචන උසාවියේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේත් කටයුතු කර ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකුද වෙයි. පක්ෂ හා නායකත්වය වෙනුවෙන් සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පක්ෂ සාමාජිකයන් හා ජාතික සේවක සංගම් සාමාජිකයන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ පෙරේරා මහතාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ එල්.එල්.බී. උපාධිධාරියෙකු වන පෙරේරා මහතා අන්තර්ජාතික වාණිජ නීතිය පිළිබඳව නොදම්බ්රියා සරසවියෙන් එල්.එල්.එම්. උපාධියද ලබා ඇත.
රොනල්ඩ් පෙරේරා මහතා කළින් පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ අධිකරණ, ඉඩම්, විද්‍යා තාක්ෂණ අමාත්‍ය ධුරය දැරූ නැසීගිය ජනාධිපති නීතීඥ පෝල් පෙරේරා මහතාගේත්, බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වූ කුලසීලී පෙරේරා මහත්මියගේත් පුත්‍රයෙකි.