ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන සංචාරක කර්මාන්තයේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් වැඩිදියුණු කරන ලද 'රේණුකා සිටි හොටෙල්' පසුගිය 29 වැනිදා යළි විවෘත කෙරිණි.
එදා මෙදාතුර රේණුකා හෝටලය සමග හදවතින් බැඳි කාටත් අමතක නොවන සුන්දරත්වය හා චමත්කාරය එලෙසම ආරක්ෂා කරගන්නා අතරම, නවීන පහසුකම් රැසක් හෝටලයට එක්කිරීමට මෙම නවීකරණ ව්‍යාපෘතියට හැකියාව ලැබී තිබේ. මේ සඳහා දරන ලද වියදම රු.මිලියන 300 ඉක්මවන අතර, ඊට මාස 08 ක කාලයක් ගත වී තිබේ.
සංචාකරකයන් මෙරටට පැමිණීමේ වර්ධනයත් සමග හෝටලයේ පහසුකම් වැඩිදියුණු කිරීම ඉතාමත් කාලෝචිත පියවරක් බව ඔවුන් කියයි. එමෙන්ම මෙම රේණුකා හෝටල් සමූහය නව ආකාරයකට සන්නාම ගැන්වීමේ එක් වැදගත් පියවරක් වන බවත්, මේ යටතේ 'හොටෙල් රේණුකා' සහ 'රේණුකා සිටි' යන හෝටල් එක්වීමෙන් 'රේණුකා සිටි හොටෙල්' බවට පත් වී ඇති බවත් ඔවුන් කියයි. වර්තමානයේ බොහෝ සංචාරකයන් සහනදායී ගාස්තු යටතේ ඉහළ තලයේ පහසුකම් අපේක්ෂා කරන නිසා එම අවශ්‍යතාව සපුරාලන පරිදි තම හෝටල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට රේණුකා හෝටල් සමූහය කටයුතු කළ බවද පවසයි.