නැවත ගල් යුගයට ගමන් නොකර රේගුව නවීකරණය වෙත රැගෙනයාමේ අපේක්ෂාවෙන් නව රේගු පනත් කෙටුම්පත සකස් කිරීමට යෝජනා කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ අනුව රේගු ආදායම තවත් ඉහළ නංවා ගනිමින් ජනතාවගේ බදු බර පහත දැමීම රජයේ අපේක්ෂාව බවයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ 2016 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි නව රේගු පනතක් සකස් කිරීමට අදාළ අදහස් ලබාගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. 28 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට රේගු වෘත්තීය සමිති නියෝජිතයෝ, සිවිල් සමාජ ක්රියාකාරිකයන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.