ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ගැටලු සොයා බලා එහි කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ අද (09දා) පස්වරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.
රේගු දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී වෘත්තීය සමිති සාමාජිකයන් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාවෙත ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.