නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් සොයාගැනීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය අද (11දා) සමත්ව තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ පොලිස් විහේෂ කාර්ය බලකායද මෙම වැටලීමට එක්ව සිටි බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ බහාලුමක් තුළ සූක්ෂ්ම ලෙස මෙම මත්පැන් තොගය සඟවා තිබූ බවත්, ඉකුත් අඟහරුවාදා අදාළ බහාලුම හඳුනා ගත් අතර, එය අද ආනයනකරුවන් ඉදිරියේ ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ දී විවෘත කෙරිණු බවද පවසයි.
එහිදී අදාළ බහාලුමේ තිබී ආනයන ලැයිස්තුවේ සඳහන්ව නොමැති විදේශීය මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි.