උත්සව සමයේදී ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රු.1,515/- ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් අද (10දා) සිට ලබන 20 වැනිදා දක්වා රු.975/-ක මිලකට අලෙවි කිරීමට රජය තීරණය කර ඇත.
පරිප්පු, අල, ලොකු ලූණු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාලු, කෑලි මිරිස්, කඩල සහ කිරිපිටි එම භාණ්ඩ මල්ලට ඇතුළත් අතර, මෙවැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු දස ලක්ෂයක් රට පුරා බෙදාහරින බවත්, ඒ සඳහා වැයවන රු.මිලියන 540ක් වන අතිරේක මුදල මුදල් අමාත්‍යාංශය මගින් දරන බවත් එම අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මෙය සතොස වෙළෙඳ සැල් හරහා බෙදා හැරෙනු ඇති බවද පැවසෙයි.