රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනිචි සුගනුමා මහතා පවසයි.
ජපාන තානාපතිවරයා හා මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් අතර පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා විදේශ රටවල් දක්වන උනන්දුව මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආකර්ෂනය දිනාගනිමින් සිටින රටක් බවට පත්ව ඇතැයිද තානාපතිවරයා මෙහිදී පවසා සිටියේය.
එහිදී, ජපාන ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත පැමිණීම ඉහළ නැංවීමටද පියවර ගන්නා බව තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.