කම්කරු හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස රැකියා වෙනුවෙන් තාරුණ තරුණියන් දේශපාලඥයන් පසුපස නොයා යුතු බවට තමා පැහැදිලි ස්ථාවරත්වයක් ලබාදුන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
නව රජයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව සිය අමාත්‍යාංශයේදී අද (04දා) සවස වැඩභාර ගැනීමෙන් පසුව සමරසිංහ මහතා මෙසේ පැවසීය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, තරුණ තරුණියන්ට සුදුසු රැකියා අවස්ථා බිහිකිරීම දේශපාලඥයන්ගේ වගකීම බවයි. නිදහසින් පසුව තම හැකියාව පදනම් කරගෙන තරුණ තරුණියන්ට ඉදිරියට යෑමේ බාධා පැවති බව පැවසූ අමාත්‍යවරයා, රජයක් ලෙස මැදිහත් වී ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා ශක්තිය ලබාදීමේදී ඔවුන්ට අනාගතය සකසා ගැනීමට හැකියාව පවතින බවද අවධාරණය කළේය.
තමා අත්දැකීම් සහිතව මෙම අමාත්‍යාංශය භාරගන්නා බවත්, ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ උපදෙස් පරිදි රටේ තරුණ තරුණියන් විධිමත් පුහුණුවකින් අමතරව රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ දක්වා පෙළගැස්වීමට නායකත්වය දෙන බවද සමරසිංහ මහතා පවසා සිටියේය.