රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීම සඳහා පැවැති තරග විභාගයෙන් කම්කරු අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට අලුතින් පත්ව ආ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ සේවක සේවිකාවන්ට පත්වීම ප්රදානය පසුගියදා පැවැත්විණි.
මෙවර රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයට බඳවාගනු ලැබූ පිරිස අතරින් දෙසිය දහනම දෙනෙකු කම්කරු අමාත්‍යාංශයට සහ දෙපාර්තමේන්තුවට බඳවා ගෙන තිබුණි.
මෙම උත්සවය සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ගොඨාභය ජයරත්න සහ කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහූ විශාල පිරිසක්ද එක්ව සිටියහ.