ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස “ද බෑන්කර්” සම්මානයෙන් පිදුම් ලැබූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී හරසරින් පිළිගනු ලැබූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
එක්සත් ජාතික පක්ෂ තරුණ මැති ඇමැතිවරුන් විසින් අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත් බවත්, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක් කිරීම පිළිබඳව මන්ත්‍රීවරු රවි කරුණානායක මහතාට ශුභාශිංසන එක්කළ බවත් එහි කියැවෙයි.
මෙම පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා, තමාට ලැබුණු සම්මානය පෞද්ගලිකව ලත් ජයග්‍රහණයකට වඩා රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බවත්, “ද බෑන්කර්” සම්මානයෙන් පිදුම් ලැබීම මූල්‍ය විනය අතින් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත වීමක් බවත් පැවසූ බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.