ලෝක වෙළෙඳ පොළේ රත්රං අවුන්සයක මිල ඇ.ඩො. 1,195.50 දක්වා පහළ වැටී ඇති බව වාර්තා වෙයි.
මීට සතියකට පෙර රත්රං අවුන්සයක මිල ඇ.ඩො. 1,217ක් ලෙස සටහන් විය.
එමෙන්ම, රත්රං මිල එළැඹෙන 2015 වසරේදී තවදුරටත් පහළ වැටිය හැකි බව එම වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
රත්රං මිල පහළ යාමට ප්රධාන වශයෙන් හේතුවී ඇත්තේ සැපයුම ඉහළ අගයක තිබියදී ඉල්ලුම පහළ වැටීම බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.