හොඳම ව්‍යවසායකයන් සඳහා වූ මිණිපුර කිරුළ SED සම්මාන ප්‍රධානෝත්සවය සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සබරගමුව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
ව්‍යවසායකයන්ට වෙළෙඳ පොළ අවස්ථා පුළුල් කරදීම, වෙළෙඳ පොළ හඳුන්වාදීම, පාරිභෝගික ඇණවුම් වර්ධනය තුළින් අදායම වැඩිකරලීමේ අරමුණින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය මෙහෙයවීමෙන් මිණිපුර ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය පසුගියදා පවත්වා තිබුණි.
එහිදි විවිධ අංශවලින් තෝරා ගනු ලැබූ ච්යචසායකයින් 8 දෙනෙකු සදහා මෙහිදී රන් සමිමාන 8ක් පිරිනමා තිබූ අතර, කෘෂි හා නිෂ්පාදන අංශවලින් තිදෙනෙක්ද සේවා අංශයෙන් දෙදෙනෙක්ද මිලදි ගැනීමේ හා අලෙවි අංශයෙන් එක් අයෙකුද වශයෙන් රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. එමෙන්ම, විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව ලෙස ඕ.එච්.දිනුෂා ලක්මාලී මහත්මිය පිදුම් ලැබීය.
රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්යක්ෂ එච්.ඒ.ඩි.කුමාරත්න මහතාගේ මෙහෙය වීමෙන් මෙම උත්සවය සංවිධානය කරනලද අතර, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ සුධීර ජයරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.