රටේ උසස් අර්ථ ශාස්ත්‍රඥයන් සමග සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව් වත්මන් ආර්ථික තත්ත්වය සහ අභියෝග පිළිබඳව රටේ උසස් අර්ථ ශාස්ත්‍රඥයන් සමග සාකච්ඡාවක නිරත වීමට විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා පියවර ගත්තේය.
ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන, ආචාර්ය සිරිමෙවන් කොළඹගේ, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය නන්දලාන් වීරසිංහ, ආචාර්ය දුෂ්‍යන්ති වීරකෝන්, ප්‍රියන්ත රත්නායක, ආචාර්ය සිරිමල් අබේරත්න, සහ ආචාර්ය සරත් රාජපතිරණ යන පිරිස මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
මෙම රැස්වීමට අමාත්‍යාංශය ලේකම් ඩඩ්ලස් නානායක්කාර මහතා සහ උපදේශක ධම්මික අමරසිංහ මහතාද සහභාගී වී ඇති අතර, දීර්ඝ සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලාංකේය ආර්ථික දියුණුව හා අභියෝග යනුවෙන් වාර්තාවක්ද රජයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
මේ අතර, මෙම සාකච්ඡාවට සහභාගී වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (02දා) දිනයේදී ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපති ලෙසද පත්කරනු ලැබ තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

