ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඉදිරි වසරවලට අදාළව රටේ ආර්ථික තත්ත්වයන් පිළිබඳව තීන්දු තීරණ ගැනීමට මෙම ආර්ථික කළමනාකරණ කාරක සභා රැස්වීම ඉදිරියේදී සෑම මසකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
නව රැකියා බිහිකිරීම, ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථික වර්ධනය, රටේ බදු ප්‍රතිපත්තිය මෙන්ම විවිධ ක්ෂේත්‍ර හරහා ජනතාව වෙනුවෙන් ලබාදෙන සහනාධාර ඉහළ නැංවීම සහ දේශීය කර්මාන්ත නගා සිටුවීම ආදී වූ කරුණු පිළිබඳව මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, කබීර් හෂීම්, සරත් අමුණුගම, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට සහභාගි වූහ