විදේශ මුදල්වලින් ගනුදෙනු කිරීමට හා මුදල් පිටරට යැවීම සඳහා පැවති සීමා කිරීම් මහ බැංකුව මගින් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව, NRFC (අනේවාසික විදේශ මුදල්), RFC (නේවාසික විදේශ මුදල්), RNNFC (නේවාසික ශ්‍රී ලාංකේය නොවන විදේශ මුදල්) සහ FEEA (විදේශ මුදල් උපයන්නාගේ මුදල්) ගිණුම්වල ඇති විදේශ විනිමය ඕනෑම අවශ්‍යතාවක් සඳහා පෙර අවසරයකින් තොරව ප්‍රේෂණය කළ හැකි බවද කියැවෙයි.
එමෙන්ම, මෙම ගිණුම්වලින් ඇ.ඩොලර් 10,000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවක් සඳහා මුදල් නොට්ටුවලින් ආපසු ගත හැකි බවද වාර්තා වෙයි.
මීට පෙර මේ ආකාරයෙන් විදේශ මුදල් ලබාගැනීමට ගිණුම් හිමියන්ට අවස්ථාව ලැබී ඇත්තේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි කාරණා සඳහා පමණි.