තමාව අපකීර්තියට පත් කිරීම සඳහා මේ වනවිට විවිධ චෝදනා එල්ල වෙමින් පවතින බවත්, ශ්රී ලංකාවෙන් පිටව යාමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ අදහස් දක්වා තිබේ.
තමන් මහ බැංකුවට හා ශ්රී ලංකාව වෙනුවෙන් හෘද සාක්ෂියට අනුකූලව, වෘත්තීයමය ලෙස හා කාර්යක්ෂමව සේවය කළත් බවත්, මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වසර අටහමාරක කාලය තුළ මෙරට ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමට හැකි වූ බවත් හිටපු අධිපතිවරයා වැඩිදුරටත් පවසයි.
තමන්, පසුගිය 9 වැනිදා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ පසුව, පසුගිය 15 වැනිදා තම නිල නිවසින්ද ඉවත්ව කොළඹ පෞද්ගලික නිවසක් වෙත පදිංචියට ගිය ඉවත්, තමන්ට රට හැර යෑමට කිසිදු අදහසක් නොමැති බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
මෙවැනි තත්ත්වයක විවිධ වෙබ් අඩවි හා සමාජජලා අඩවි ඔස්සේ සිදුකරන තමාව අපකීර්තියට පත් කිරීම සඳහා විවිධ චෝදනා හා විවිධ මඩ ප්රචාර එල්ල වන බවත්, ඒවාට පුළුල් ප්රචාරයක් ලබාදීම ගැන තමන් බලවත් සේ කණගාටුවට පත්වන බවත් හිටපු අධිපතිවරයා අවධාරණය කරයි.
කෙසේ වෙතත්, තමාගේ නිර්දෝෂීභාවය ඉදිරියේදී ඔප්පුවනු ඇති බව තමා විශ්වාස කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නිවේදනයෙන් පවසා සිටියි.