රාජ්‍ය සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක පසුගියදා ආරම්භ විය.
මෙම වැඩසටහන් මාලාව කොළඹ කොටස් වෙළෙඳ පොළ (CSE) හා ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන්නකි.
එහිදී, පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය පිළිබඳව ගැඹුරු අවධානයක් යොමුකරමින් එහි ප්‍රධාන දේශනය, මූල්‍ය පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි නියෝජ්‍ය සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න මහතා විසින් පවත්වා ඇති අතර ඒකක භාර සංගමයේ සභාපති පී. අසොකන් මහතා ඒකක භාර පිළිබඳව විග්රහයක නිරත වී ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළ නව සමාජ ආර්ථික ප්රවණතා කෙරෙහි අවධානය යොමු කරමින් නව ආයෝජන අවස්ථා පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් ලබාදීමත්, විශ්‍රාමික කාලයේදී අනාගත පරපුර වෙනුවෙන් හරවත් ආයෝජනයකට මාර්ගොපදේශනය ලබාදීමත් මෙම වැඩසටහන් මාලාවේ මුඛ්‍ය පරමාර්ථය කරගෙන ඇත. එහිදී, ප්‍රායෝගිකව තම පෞද්ගලික ජීවිතයට අදාල මූල්‍ය සැලසුම් සකස් කරගැනීමෙන් අනතුරුව ඒවා නිවැරදිව, ඍජුව හෝ ඒකක භාර මාර්ගයෙන් ආයෝජනයට යොමුකිරීමේ වැදගත්කම පහදා දෙමින් ඊට අවශ්‍ය අධ්‍යාපනික ග්රන්ථ කිහිපයක් ලබාදීමද සිදුවී ඇත.