රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව 2015 වසරේ සිට වසරින් වසර සිය ලාභාංශ වර්ධනය කර ගනිමින්, 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී රුපියල් මිලියන 80.7 ක් හෙවත් කෝටි 08 කට වැඩි ලාභයක් ලබා තිබේ.
ගෙවී ගිය වසර 03 තුළ සංස්ථාවේ නාස්තිය වළක්වා මනා කළමානාකාරීත්වයක් තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම මෙම ජයග්‍රහනයට හේතුව බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා තිබුණේ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී ය.
1970 අංක 33 දරණ පනත යටතේ ස්ථාපිත කර තිබෙන ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුව සීමාසහිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත.
දේශීය ව්‍යාපාර ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය සියලුම භාණ්ඩ හා සේවා සැපයීම සංස්ථාවේ මූලික අරමුණ වී තිබේ. විශේෂයෙන්ම කාර්යාලීය උපකරණ, ගෘහ උපකරණ, විදුලි හා විද්‍යුත් උපකරණ, කෘෂිකාර්මික හා කාර්මික උපකරණ, යන්ත්‍රෝපකරණ, රසායන ද්‍රව්‍ය, ටයර් හා ටියුබ්, තොරතුරු තාක්ෂණික උපකරණ, ඉදිකිරීම් හා ලෝහ භාණ්ඩ ඇතුළු වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ අලෙවියේ රාජ්‍ය ප්‍රමුඛයා වන්නේ ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවය. මේ වන විට සංස්ථාව සතුව ප්රදර්ශනාගාර 09ක් පවතින අතර මේ වසරේදී STC මෙගා ප්‍රදර්ශනාගාරය නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිත බවද කියැවේ. සංස්ථාවේ සේවක සංඛ්‍යාව 471 කි.