රක්ෂණ කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්රී ලංකා රක්ෂණ මණ්ඩලයේ නියාමනයට හෝ සුපරීක්ෂණයට, කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය, ශ්රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය යන ආයතන යටත් නොවන බව ශ්රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්රනාන්දු මහත්මිය මහජනතාව වෙත දැනුම් දෙයි.
එහිදී, රක්ෂණ මණ්ඩලයේ නියාමන විෂය පථයට අයත් වන බලපත්රලාභී රක්ෂණ සමාගම් හා රක්ෂණ තැරැව්කාර සමාගම් පිළිබඳ තොරතුරු දුරකථන අංක 011-2396184-9 ඇමතීමෙන් හෝ www.ibsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.