යුරෝපා සංගමය මගින් පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත්කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය මගින් දියත්කර ඇති වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ තානාපති ඩේවිඩ් ඩැලී මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අමාත්‍යාංශයේදී පසුගියදා හමුවිය.
එහිදී, අමාත්‍යවරයා ධීවර අමාත්‍යාංශය හා ධීවර දෙපාර්තමේන්තුව මගින් සිදුකොට ඇති කාර්යයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ කළේය. ඒ අනුව, මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට ධීවර අමාත්‍යාංශය ගෙන ඇති පියවර හා උනන්දුව පිළිබඳව සතුට පළ කළ තානාපතිවරයා නොවැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුරෝපා සංගමයේ නියෝජිත පිරිසද ඒ පිළිබඳව දැනුවත් කරන බව අමාත්‍යවරයා වෙත පවසා සිටියේය.
මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර් අධිකාරී, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් ග්‍රේස් ආසිරිවතම් හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු යන නිලධාරීන් සහභාගි වූහ.