ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගම් දූත මණ්ඩලය මානව හිමිකම් ප්‍රවර්ධනය, සිවිල් සමාජයේ භූමිකාව හා සිවිල් ක්‍රියාකාරකම්වල අගය ඉලක්ක කරගනිමින් නව වැදගත් ව්‍යාපෘති ගණනාවක් සාඩම්බරයෙන් දියත්කළ බව ඔවුන් පසුගියදා නිවේදනය කළේය. #EU4HumanRights වැඩපිළිවෙළේ එක් අදියරක් වන මෙමගින්, මානව හිමිකම්වලට අදාළවන ක්ෂේත්‍ර තුළ යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් ක්‍රියාත්මක කරනු ලබන සියලු වැඩපිළිවෙළ ඉස්මතු කරන බවද ඔවුන් පවසා සිටියේය.
ඒ අනුව, වඩා සවිමත් ප්‍රජාවක් සහ දිදුලන සිවිල් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් යුරෝපා සංගමයෙන් සැපයෙන ප්රතිපාදනය ආසන්න වශයෙන් රු.මිලියන 770 (යුරෝ මිලියන 4.7) ක් බවත්, මෙම අරමුදල් යොදවමින් ඇක්ටඩ්, කෙයාර් ඩොයිෂ්ලන්ඩ්, වර්ල්ඩ් විෂන්, හැන්ඩිකැප් ඉන්ටර්නැෂනල්, චයිල්ඩ්ෆන්ඩ් ඩොයිෂ්ලන්ඩ්, මීඩියා ඉන් කෝපරේෂන් සහ ට්රාන්සිෂන් ඇන්ඩ් සෝආ යන ආයතන ශ්‍රී ලංකාවේ ඇතැම් අතිශය දිළිඳු ප්‍රදේශවල ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකරනු ලබන අතර ප්‍රජාවේ පාර්ශ්වකරුවන් වන මාධ්‍යවේදීන්, නීතිඥයින් සහ විනිසුරුවරුන් වැනි අයගේද ශක්‍යතා වර්ධනය කරනු ලබන බවද පවසා සිටියේය.