දැනට පවත්නා සියලු විද්යාරත්මක සාක්ෂිවලට අනුව වර්තමානයේ යාපනයේ ඇති වී තිබෙන භූගත ජලය දූෂණය වීමේ ගැටලුවට ශ්රීා ලංකාවේ උතුරට විදුලි බලය සපයන නෝදර්න් පවර් (පෞද්) සමාගමේ කිසිදු ආකාරයක සම්බන්ධයක් නැති බවත් එවැනි අසත්‍ය චෝදනා විවිධ යටි අරමුණු ඇති පාර්ශ්ව විසින් නගා ඇති බවත් එහි මවු සමාගම වන මෙරට කීර්තිමත් සමූහ ව්‍යාපාරයක් වූ එම්.ටී.ඩී. වෝකර්ස් පී.එල්.සී සමාගම පවසා සිටියේය.
පසුගිය 23 වැනිදා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මෙම කරුණු අනාවරණය කළේය. එහිදී, අදහස් දැක්වූ එම්.ටී.ඩී. වෝකර්ස් පී.එල්.සී සමාගමේ අධ්යෝක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලාල් පෙරේරා මහතා පවසා සිටියේ, අපගේ මූලික අරමුණ වූයේ පොදුවේ ශ්‍රී ලංකාවේ උතුරටද විශේෂයෙන් යාපනයේ ජනතාවගේද විදුලිබල අවශ්යගතා සැපිරීමයි. නෝදර්න් පවර් සමාගම ලෙස අපි මේ අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම බැහැර කරන අතර, එකදු චෝදනාවක්වත් ගරු අධිකරණයෙන් හෝ කිසිදු රජයේ ආයතනයකින් හෝ පිළිගෙන නොමැති බව පෙන්වා දීමට කැමතියි. දැනට ඇති සියලු සාක්ෂිවලට අනුව අපවිත්ර් තෙල් මූලාශ්‍ර අපගේ බලාගාර පරිශ්‍රයෙන් පිටත ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බැවින් අපගේ සමාගම කිසිදු ආකාරයකින් මේ තත්ත්වයට වගකිව යුතු නැති බව ප්‍රකාශ කිරීමට කැමතියි යනුවෙනි.
එහිදී, ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ විවිධ යටි අරමුණු ඇති පාර්ශ්ව විසින් එම සමාගම යාපනයේ හි චුනාක්කම් ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදුලි බලාගාරය නිසා ඊට කිලෝමීටර් දෙක තුනක් ඈතින් පිහිටි ලිං අපවිත්රෝ වී ඇති බවට සමාගමට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි.
2007 යුධ වාතාවරණය උච්චතම අවස්ථාවේදී පවා කිසිදු සමාගමක් හෝ පුද්ගලයකු හෝ යාපනයට පැමිණීමට පසුබට වුවද, ඒ සියලු අවදානම් අභියස යාපනයේ ජනතාවට සෙත සැලසීමේ අරමුණින් විදුලි බලාගාරය ඇරඹීමට තම සමාගම කටයුතු කළ බව ඔවුන් පැවසීය. එහිදී, 2009 මැයි මාසයේදී පමණ විදුලි ජනනය ඇරඹුණු බවත්, නොකඩවා විදුලිය නොමැතිව මහත් දුක් කම්කටොළු විඳී යාපනයේ ජනතාවට වසර 15කට පසුව මෙය මහත් අස්වැසිල්ලක් වූ බවත් පැවසීය.
එමෙන්ම, සියලු පාරිසරික අවසරයන් හා බලපත්‍රද නිසි කලට ලබාගෙන ඇති බවත්, රජය විසින් කලින් කලට කරන සියලුම පරීක්ෂණවලදී සියලුම පිරිවිතර හා අවශ්‍යතා සැමවිටම සපුරා ඇති බවත් ඔවුන් පැවසීය. ඔවුන් විසින් පරිහරණය කරන ලද දැවි තෙල් පරිසරයට මුදා හැරීම නිසා ළිං ජලය දූෂණය වී ඇති බවට මෙසේ චෝදනා කළත්, තම සමාගම පරිහරණය කළ දැවි තෙල් සියල්ල එකතු කර වෙළෙඳ පොළට විකුණන බවත්, ගැනුම්කරුවන් විසින් ඒවා පෝරණුවල භාවිතය සඳහා පිටතට ගෙන යන බවත් ඔවුන් පැවසීය. මෙසේ ඉන්ධන මුදලට විකුණා ලාභ ලැබිය හැකි නම් තම සමාගම විසින් ඒවා ඉවතලන්නේ ඇයිද යන ප්ර්ශ්නය ඔවුන් නඟයි.
කෙසේ වෙතත්, කීර්තිමත් සරසවි දෙකක් වන යාපනය සහ පේරාදෙණිය විශ්ව විද්‍යා ලයේ ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සම්බන්ධයෙන් පත් කර ස්වාධීන පරික්ෂණයක් සිදුකිරීමට පියවර ගැනීම ගැන රජයට ස්තූතිවන්ත වන බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේය.