ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළෙඳ පොළ සමග එක්ව 2014 දෙසැම්බර් මස 06 වැනිදා යාපනය, ටිල්කෝ සිටි හොටේල්හිදී 'යාපනය ආයෝජක වැඩමුළුව' සංවිධානය කරන ලදී. එතුළින් ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි ආයෝජන අවස්ථා පිළිබඳව උතුරු පළාත් මහජනතාව දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වූ අතර එම වැඩමුළුව සඳහා වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු 250කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශකයන් ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ එහි ආයතන ප්‍රධානී/නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධම්මික පෙරේරා යන මහත්වරුන් දේශන පැවැත්වූ අතර, ආයෝජන පිළිබඳ විශ්ලේෂණාත්මක කරුණු සම්බන්ධයෙන් කොම්ට්රස්ට් ඇසට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී පී. ආසෝකන් සහ සී ටී CLSA සිකියුරිටීස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෝඩ්න් නඩේසන් යන මහත්වරුන් දේශන පැවැත් වූහ.