සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා චීනයේ බීජිං නුවර සිදුකරනු ලද සංචාරයේදී ශ්‍රී ලංකාව ඵලදායී රැස්වීම් මාලවක් පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසයි. මේ සඳහා දක්ෂිණ සංවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුද සහභාගී වූහ.
මෙහිදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වෙත චීන එක්සිම් බැංකුවේ සභාපතිනී හූ සියාඕලික් මහත්මිය මෙන්ම චීන සංවර්ධන බැංකුවේ ප්‍රධානී සෙයිජි මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ලැබී තිබුණි.
චීනය ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද සමයේ මෙන්ම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍ර‘යේ සංවර්ධනය සඳහා දැක් වූ අනුග්‍රහය කෙරෙහි සිය කෘතඥතාව ශ්‍රී ලංකා අමාත්‍යවරුන් විසින් චීනය වෙත පළ කරන ලදී.
ශ්‍රී ලංකාව අනාගතයේදී උපාය මාර්ගික වෙළෙඳාම සඳහා සුදුසු වේදිකාවක් ලෙසත්, ආයෝජන සහ සංචාරක ක්ෂේත්රයෙහි තම ආයෝජන සිදුකිරීම පිළිබඳවත් චීන බලධාරීන්ගේ ධනාත්මක ප්‍රතිචාර මෙහිදී හිමි වී ඇති අතර, අප්‍රේල් මාසයට යෙදී තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයත් සමග ද්වීපාර්ශ්වික සහයෝගීතාව වඩාත් ශක්තාමත් කරමින් දෙරටේ මිතුදම නව තලයකට ගෙන යාමට හැකිවනු ඇති බවත් මෙහිදී ප්‍රකාශ වූ බව සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය පවසයි.