ඇමෙරිකානු රජයේ ඒජන්සියක් වන මිලේනියම් චැලෙන්ජ් ආයතනය පසුගියදා ශ්රී ලංකාවේ සිදුකළ සංචාරය අතරතුර ලංකා වාණිජ මණ්ඩලය සමග සාකච්ඡා පවත්වා තිබේ.
මෙම දූත පිරිස ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග, මණ්ඩලයේ අධ්යක්ෂ විෂ් ගෝවින්දසාමි, ප්රධාන විධායක නිලධාරී ධාරා විජයතිලක සහ හිටපු සභාපති සුරේෂ් ශාහ් යන මහත්ම මහත්මීන් සමග සාකච්ඡා කර ඇත.
ශ්රී ලංකාව තුළ පෞද්ගලික අංශයේ ආයෝජන හා මෙරට ආර්ථික වර්ධනය මෙම සාකච්ඡාවලට බඳුන් වූ මූලික කාරණා බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.
මිලේනියම් චැලෙන්ජ් හි පස් අවුරුදු සංවර්ධන වැඩසටහන සඳහා මෑතකදී ශ්රී ලංකාවද තෝරා ගැනීම එම දූත පිරිස මෙරටට පැමිණීමට හේතු වී තිබේ.
මෙම වැඩසටහන මගින් එම ආයතනයේ නිර්ණායකයන් හා බැඳෙන ආයතන වෙත කුඩා ආධාර මුදල් සැපයෙන අතර, එය එම රටවල ප්රතිපත්ති කාර්යක්ෂමතා වර්ධනය සඳහා යොදාගැනීම මූලික වෙයි.
ලංකා වාණිජ මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ එම මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.