අප්‍රිකානු රටවල් රැසක නියෝජිතයෙකු ලෙස සුඩාන තානාපතිවරයා මෙරටට පැමිණි බවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තවමත් විධිමත් ලෙස එම රටවලට අපනයනය නොකෙරෙන නිසා, ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ සුඩාන තානාපති ආචාර්ය හස්සන් ඊ. ඉල් තාලිබ් අතර අද (22 දා) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබේ. එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"සුඩාන තානාපතිවරයා මෙරටට පැමිණියේ අප්‍රිකානු රටවල් ගණනාවක නියෝජිතයෙක් විදියටයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් අප්‍රිකානු රටවලට තවමත් විධිමත් ලෙස අපනයනය කෙරෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි මෙහිදී සාකච්ඡා වුණේ. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකිරිම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා සිදුවුණා" යනුවෙන් පවසා සිටියේය.