ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාම ශක්තිමත් කිරීමේ අරමුණින් එම ක්ෂේත්රයට අදාල ප්‍රවර්ධනමය ශක්‍යතා ව්‍යාපෘතියක් සිදුකිරීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇත.
මෙම ව්‍යාපෘතිය, ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (Geneva’s International Trade Centre - ITC), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය හා ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකරන බව කියයි.
මෙම ශක්‍යතා ව්‍යාපෘතිය වෙනුවෙන් යුරෝපා සංගමය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ලබන අතර, පළමු වැනි අදියරේදී ලබාදී ඇති මුදල ඇ.ඩො. මිලියන 09ක් බව කියයි.
ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජිනීවා හි අන්තර් ජාතික වෙළෙඳ මධබස්ථානයේ ආසියා පැසිපික් කලාපීය නායක ෂුවේ ජුන් ජියෑං මහතා පසුගිය 21 වැනිදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යක රිෂාඩ් බදියුදීන් මහතා හමුවී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වූ අතර, මෙම සාකච්ඡාව, කොළඔ 02, නවම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.