ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබද සොයා බැලීමට පාකිස්තාන වාණිජ අමාත්‍යවරයා ඇතුළු ආයෝජක පිරිසක් ඉදිරි මාස තුන ඇතුළත ශ්‍රී ලංකාවට එවන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවසා තිබේ.
පාකිස්තානයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (06දා) පෙරවරුවේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම අදහස් ප්‍රකාශ වී තිබේ.