මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබුණි.
රජයට ආදායම් උපයා දෙන ප්‍රධාන ස්ථානයක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සහ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී සොයා බැලූ බව මුදල් අමාත්‍යාංශය කියයි.
මූලස්ථානයේ වැදගත් අංශ රැසකට ගොස් සේවක සේවිකාවන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ට ඇති ගැටලු අමාත්‍යවරයා මෙහිදී විමසා බලා තිබේ.
විශේෂයෙන් තාක්ෂණය භාවිත කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල තුළ ඇති පහසුකම්, සේවක සේවිකාවන්ට ඒ සඳහා ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.