මිරිදිය මත්ස්‍ය සම්පත දියුණු කරගැනීමට කටයුතු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් රජයක් ලෙස ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ උපාලි මොහොට්ටි මහතා වැඩභාරගත් අවස්ථාවේදීය.
විදේශ ආධාර හරහාද මෙම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම මගින්, මත්ස්‍ය පරිභෝජනය වැඩි කිරිමත්, ඒ හරහා රැකියා බිහිකිරීමත් සිදුකළ හැකි බවටද අමාත්‍යවරයා අදහස් පළ කළේය.
මෙම වැඩ භාර ගැනීමේ අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහතා ඇතුළු අමුත්තන් පිරිසක් සහභාගි වූහ.