ශ්‍රී ලංකා රුපියල 2018 මැයි 31දා දක්වා කාලපරිච්ඡේදය තුළදී ඇමෙරිකානු ඩොලරයට සාපේෂව 3.3%ක් අවප්‍රමාණය වී තිබේ.
තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල හැර වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය ළුී ඇත.
ජාත්‍යන්තර වශයෙන් ඇ.ඩොලරය ශක්තිමත් වීමද, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි යම්තාක් දුරටකට බලපානු ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.