2017 මාර්තු මාසය සඳහා උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 8.6% ක් ලෙස ගණනය කර ඇති අතර, 2017 පෙබරවාරි මාසයේ වාර්තා වූ 8.2% ක උද්ධමනය සමග සැසඳීමේදී මාර්තු මාසයේ උද්ධමනයද තවදුරටත් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.
මාර්තු මාසයේ ලක්ෂ්යමය උද්ධමනය කෙරෙහි ආහාර කණ්ඩය මෙන්ම, ආහාර නොවන කාණ්ඩයද දායක වූ බවත්, එම ඉහළ යෑමට පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයෙහි පැවති අඩු පදනම් අගය හේතු වූ බවත් ශ්රී ලංකා මහ බැංකුව පවසයි.