ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්රී ලංකා ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය, වෘත්තීය පුහුණු ආයතනය හා ජාතික යොවුන් සේනාංකය එක්ව මෙහෙයවනු ලබන රැකියා පොළ දෙකක් අද (05දා) මාතරදී සහ මැයි 12 වැනිදා වළව, ඇඹිලිපිටියදී පැවැත්වේ. එම මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ වනවිටත් රැකියා පොළ කිහිපයක්ම විවිධ පළාත්වල පවත්වා ඇති බවය.
මෙමගින් සේවක ඇබෑර්තු ඇති ආයතනයන්ට ගැළපෙන සේවකයන් සොයා ගැනීමටත්, පාසල් හැරගිය/රැකියා සොයමින් පසුවන තරුණ තරුණියන්ට ගැළපෙන රැකියා සොයා ගැනීමටත් අවස්ථාව උදාකර දෙන බවද කියයි. මෝටර් රථ කාර්මික, පින්තාරුකරණය, ජලනල කාර්මික, වායු සමීකරණ කාර්මික, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, පෑස්සුම්, විද්යුත් උපකරණ කාර්මිකවරුන්, වඩු කර්මාන්තය, මැහුම්, පරිගණක දෘඩාංග යන ක්ෂේත්රයන්ට අයත් පුහුණු ශ්රමිකයන් මෙහිදී හඳුනාගත හැකි බවද පෙන්වා දෙයි. එහිදී, සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර සේවා යෝජකයන් විසින් දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක් පැවැත්වීමට නියමිත අතර පාසල් හැරගිය අයට හා උපාධිධාරීන්ට මේ සඳහා සහභාගී විය හැකි බවද පවසයි.
එම අවස්ථාවේදීම සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් තෝරාගැනීම සිදු කෙරෙන බවත්, මේ සඳහා සහභාගී වීමට උනන්දුවක් දක්වන පාසල් හැරගිය අයට හා උපාධිධාරීන්ට ශ්රී ලංකා ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය සමග 011-2595680/79 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් පෙන්වා දෙයි. මේ සඳහා සහභාගී වීමට උනන්දුවක් දක්වන සේවා යෝජකයන්හට 011-4741788 යන දුරකථන අංකය හා [email protected]; යන විද්යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.