මාගම් රුහුණුපුර, මහින්ද රාජපක්ෂ වරායේ අභිනව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය ඊයේ (22දා) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණි.
ඒ අනුව, වරායට පැමිණෙන නැව්වලට ඉන්ධන සැපයීම ඊයේ සිට ආරම්භ කෙරුණු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මාගම්පුර වරායේ බටහිර කොටසේ කරගම් ලේවාය පරිශ්රයේ හෙක්ටයාර 20ක පමණ ප්රදේශයක මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය ඉදිකර තිබේ.
ඇ.ඩො.මිලියන 76ක විදයමින් ඉදිකොට ඇති නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තයෙහි තෙල් ටැංකි 14කින් යුත් ටැංකි පද්ධතියක් ඉදිකර අතර, එහි සමස්ත ධාරිතාව ඝන මීටර් 80,000කි. ඉන්ධන පර්යන්තය නෞකා ඉන්ධන ටැංකි 08කින්ද, ගුවන් යානා ඉන්ධන ටැංකි 03කින්ද, එල්.පී. ගෑස් ටැංකි 03කින්ද සමන්විත වේ.