යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පවත්වනු ලබන අවුරුදු පොළ හා වෙළෙඳ ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් 09 සිට 12 වැනිදා දක්වා මහනුවර, කොටුගොඩැල්ල වීදියේ Y.M.C.A. ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
එහිදී, වෙළෙඳ පොළ සහ අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් 09 වැනි දින පෙ.ව. 10.00ට මහනුවර දිසාපති එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, අප්‍රේල් 09 වැනිදා සිට පුරා දින හතරක කාලයක් මෙම වෙළෙඳ පොළ සහ අලෙවි ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත අතර, මෙමගින් මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන්ගේ නිමැවුම් ඉතා සහනදායි මිල ගණන් යටතේ ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිර්මාණ දැකබලා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇති බවත් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි.