බස්නාහිර සහ දකුණු පළාත් නියෝජනය වන පරිදි මහජන බැංකුවේ සේවයට අලුතින් බඳවාගත් ගනුදෙනුකාර සේවා සහායකයන් 400කට පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (24දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එහිදී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානයක් සිදුවූ අතර, මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති ගාමිණී එස්.සෙනරත්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් යන මහත්වරු ප්රමුඛ ඉහළ කළමනාකාරීත්වයද සහභාගි වූහ.