මහ බැංකුවේ වාර්ෂික වාර්තා, විගණන වාර්තා, ගිණුම් කටයුතු සහ දැනට පවතින මූල්‍ය තත්ත්වය යනාදිය දැනගැනීමේ අරමුණින් මහ බැංකු අධිපතිවරයා පසුගියදා කෝප් කමිටුවට කැඳවා තිබේ.
කෙසේ වෙතත්, කෝප් කමිටුවට කැඳවනු ලැබුවේ රාජ්‍ය වාණිජ ආයතනයක් ලෙස මහ බැංකුව මිස මහ බැංකු අධිපතිවරයා නොවන බවට කෝප් කමිටුව පවසා ඇති බව කියැවෙයි.
මහ බැංකුවේ සිදුවූයේ යැයි කියන ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව මෙන්ම පසුගිය පාලන කාලය තුළ සිදුවී ඇති මහ බැංකු විෂය පථයට අදාළ නොවන ගනුදෙනු පිළිබඳවද මෙහිදී විමසීමක් කර ඇති බව දැනගන්නට තිබේ.
මේ අතර, බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව තීරණය කළ බවටද ආරංචි මාර්ග පවසයි.