මහ කන්නයේ වී වගාකරන ගොවීන් සඳහා පොහොර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රු.මිලියන 5,500 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී ඇත.
මීට අමතරව අද (21දා) තවත් රුපියල් මිලියන 1,500 ක් නිකුත් කිරීමට නියමිතය. වසරේ සැප්තැම්බර් සිට මාර්තු මස දක්වා තිබෙන මහකන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා ගොවියෙකුට හෙක්ටයාර එකකට රු.25,000 ක් නිකුත් කරන බවද මුදල් අමාත්‍යාංශය කියයි.