මත්ස්‍ය අපනයනය තහනම් කරමින්, යුරෝපා සංගමය පනවා තිබූ තහංචි ඉවත් කිරීමත් සමග නෝර්වේ රජය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළෙඳ පොළ සඳහා ඉඩකඩ ලබාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ත්රොබ්ජෙරන් ගොස්ට්ඇඩ්සෙතර් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට මත්ස්‍ය අපනයනයට අදාළව ආයෝජන කටයුතු තම රට තුළ සිදුකිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී ඇති බවයි.
ත්රොබ්ජෙරන් ගොස්ට්ඇඩ්සෙතර් මහතා මේ බව කියා සිටියේ පසුගිය 27දා පෙරවරුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය.
ඇමරිකාවේ වොෂිංටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වූ අවස්ථාවේ නෝර්වේජියානු මුදල් ඇමැතිනී සීව් ජෙන්සන් මහත්මිය සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, නෝර්වේ තානාපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර ඊයේ මෙම හමුව පවත්වා තිබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.