මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අභිනව ගුවන්යානා ඉන්ධන සැපයුම් පර්යන්තය සහ ඉන්ධන සේවා සැපයුම් පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (22දා) පස්වරුවේ විවෘත කෙරිණි.
මෙම ඉදිකිරීමත් සමග මත්තල ගුවන්යානා තෙල් පර්යන්තය වර්තමාන ඉන්ධන ධාරිතාව ලීටර් මිලියන 3ක් වන බවත්, ලොව දැනට භාවිත වන උසස් තාක්ෂණික මෙවලම්වලින් යුක්තව ගුවන් යානා තෙල් සැපයුම් පද්ධතිය, ගිනි නිවීමේ ඒකකය සහ ගිනි අනතුරු හඳුනා ගැනීමේ ඒකකය ඇතුළුව ගුවන්යානා තෙල් සැපයුම් අංශයේ සියලු පහසුකම් සහිතව මත්තල ගුවන් තෙල් සැපයුම් පර්යන්තය ඉදිකර ඇති බවත් පෙන්වා දෙයි.
මේ සඳහා රු.බිලියන 5ක ආයෝජනයක් කර ඇති බවත්, ලොව ඕනෑම ගුවන් යානයකට ඉන්ධන සැපයීමේ ධාරිතාවකින් යුක්තව එය ඉදිකර ඇති අතර, ආරක්ෂාව පිළිබඳ ඉහළම සහතිකයකින්ද මෙය සමන්විත බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.