ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සහ එහි වර්ධනය සඳහා මුදල් අවශ්‍යය. එම මුදල් සමාගම වෙත ලැබෙනුයේ සමාගම නිරතව සිටින ව්‍යාපාර ස්වභාවය, ව්‍යාපාරයේ තත්ත්වය, එහි විශාලත්වය සහ ඒ සඳහා භාවිත කරනු ලබන උපාය මාර්ග අනුවය. බාහිර මූල්‍ය සම්පාදනයන් මගින් සමාගම වෙත අරමුදල් ලැබීම යනු, සමාගම සතුව දැනට පවත්නා ඉතිරිකිරීම් හෝ ලාභවලට අමතරව ඊට පිටින් එක්රැස් වන අරමුදල්ය. විවිධාකාරයේ ආයෝජකයන්ගෙන් එසේ සමාගමක් වෙත එහි ව්‍යාපාරික කටයුතු සඳහා අරමුදල් ගලා එයි.
කොටස් නිකුත් කිරීම
ව්‍යාපාරයකට අවශ්‍ය වන්නා වූ විකල්ප බාහිර මූල්‍ය සම්පාදන මාර්ග අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීමයි. කොටස් නිකුත් කිරීමත් සමග සමාගමක පාලනය කොටස් හිමියන් අතර අතින් අතට හුවමාරු වීමක් සිදුවන අතර, කාලයත් සමග එහි වර්ධනයන් අනුව කොටස් මිලදීගත් ආයෝජකයන්ට ලාභ ලැබීමටද පවතින ඉඩකඩ වැඩිය. කෙසේ වුවද, තනි පුද්ගල හෝ ආයතනික ආයෝජකයන් මූලික කොටස් නිකුතුවකට අයදුම් කිරීමත් සමග සමාගම වෙත ඉතා කෙටි කාලයක් තුළ අරමුදල් ගලා ඒමක් සිදුවේ. එසේ සමාගමක් කොටස් නිකුත් කිරීමක් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මුලින්ම කොටස් හුවමාරුවේ ලියාපදිංචිවීම අනිවාර්ය වන අතර, සමාගමේ සියලු මූල්‍ය විස්තර ඉදිරිපත් කිරීමද කළ යුතුවේ. එය නිවැරදි ආයෝජන තීරණ ගැනීමට ආයෝජකයන්ට පිටුවහළක්ද වේ. මෙම ක්‍රියාවලිය සඳහා කාලය හා මුදල් වැය කිරීමටද සිදුවන අතර, එය ව්‍යාපාරයේ ප්‍රයෝජනවත් භාවයට යම් බලපෑමක් එල්ල කළද විශාල ආයෝජකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබේ.
ව්‍යාපාරයක ප්රාග්ධනය
ව්‍යාපාරයක ප්රාග්ධනය යනු සමාගම් වෙත බාහිර මූල්‍ය සම්පාදනය සඳහා බහුලව යොදා ගැනෙන තවත් විකල්ප ක්රමයකි. එමගින් ව්‍යාපාරය සඳහා අවශ්‍ය සම්පත් සහ අවදානම භාර ගැනීමට ඇති කැමැත්ත සහිත ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට හැකියාව ලැබේ. කොටස් මිලදී ගන්නන් සේම ව්‍යවසායක ප්රාග්ධනකරුවන්ද ඔවුන්ගේම අරමුදල් සමාගම් වෙත ආයෝජනය කරනු ලබන අතර, එහි වටිනාකම් වෙනස්වීමත් සමග ඇති වන ලාභ සහ පාඩු සඳහා හිමිකම් කියනු ලැබේ. තවද, කොටස් හිමියන් මෙන් නොව ව්‍යවසායක ප්රාග්ධනකරුවන් විශාල අරමුදල් ආයෝජන කරනු ලබන අතර, මිල ගණන් තීරණය කිරීම සහ නියාමන කටයුතුවලට අතරමැදි ආයතන දායක වීමක්ද දක්නට නොමැත. ආයෝජනයේ ආරක්ෂාව වෙනුවෙන් ඍජුව ව්‍යාපාරයේ මෙහෙයුම්වලටද සම්බන්ධ වෙයි.
විවිධ ණය ලබාගැනීම්
ව්‍යාපාර කටයුතු සඳහා විවධ ව්‍යාපාරික ණය ලබාගැනීම්ද බාහිර විකල්ප අරමුදල් සම්පාදන මාර්ගයක් ලෙස ජනප්‍රිය ක්රමයකි. මෙසේ ණය ලබා ගැනීමේදී විශේෂයෙන්ම වාණිජ බැංකු මාර්ගයෙන් ලබාගන්නා ණය ප්‍රධාන වේ.
එක් එක් විකල්ප අරමුදල් සම්පාදන මාර්ගයන්හි ආවේනික ලක්ෂණද දැකගත හැකියි. එනම්, ඒවාට ආවේනික ප්රතිලාභ සහ අන්තර්ගත අවදානම ආදියයි. සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් අනතුරුව සමාගමේ නියම අයිතිකරුවන්ට සමාගම සම්බන්ධනයෙන් තිබෙන අයිතිය අඩුවීමක් සිදුවේ. ඉහළ පිරිවැයක්ද දැරීමට සිදුවේ. ණය ලබාගැනීමේදී ඒ සඳහා පොලී ගෙවීමක් කිරීමට සිදුවන අතර, ලබාගන්නා ණය වෙනුවෙන් වත්කම් ඇප ලෙස තැබීමටත් සිදුවේ. ව්‍යවසායක ප්‍රාග්ධනයද ඉතා තරඟකාරී ක්‍රමයක් වන අතර, එමගින් අයිතිය සමාගමෙන් එළියට යාමක් හෝ පොලී ගෙවීම් සිදු කිරීමකින් තොරව මුදල් රැස්කර ගැනීමට හැකියාව ලැබේ.
සමාගමක් කොටස් නිකුත් කරන්නේ ඇයි?
සමාගමකට පහසුවෙන් කොටස් නිකුත් කිරීමට මෙන්ම ගනුදෙනු කිරීමට හැකියාව තිබුණද සියළුම ගනුදෙනුවලට අදාළව අවදානමක්ද දැකගත හැකිය. ඕනෑම කොටස් ගනුදෙනුවක් සිදුවනවා යනු එම සමාගමේ අයිතිය සම්බන්ධයෙන් වන වෙනස්කමක්ද සිදුවන බවයි. සියළුම සමාගම් හෝ ව්යාුපාර කොටස් නිකුත් කිරීම් සිදු නොකරන අතර එවැනි නියම අවස්ථාවේදී ආයෝජනය සඳහා ජනතාවට ආරාධනා කළ යුතුය. සමාගමක් විවිධ හේතු මත කොටස් නිකුත් කිරීමට පෙළඹෙන අතර ඒ සියළුම හේතු අනුව සිදු කරනු ලබන කොටස් නිකුත් කිරීම් වල අවසාන අරමුණ සමාගමේ දිගුකාලීන සංවර්ධනය, දියුණුව විය යුතුය.
සමාගමක් මූලිකවම කොටස් නිකුතුවක් සිදුකරනු ලබන්නේ තම සමාගමේ ඉදිරි සංවර්ධන අරමුණුවලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමයි. ඊට අමතරව, අනෙකුත් අරමුණු වෙනුවෙන්ද කොටස් නිකුත් කිරීමට හැකියාවක් පවතී. එමෙන්ම, සමාගමක් කොටස් නිකුත් කිරීමේදී කොටස් වෙළෙඳ පොළ තුළින් මෙන්ම ඊට බාහිරවද කොටස් නිකුත් කළ හැකිවේ. එනම්, කලින් හඳුනාගත් පාර්ශ්වයකට (පෞද්ගලික කොටස් නිකුතුවක්) කොටස් වෙළෙඳ පොළ හරහා නොයා කොටස් නිකුත් කළ හැකිය. පහතින් දැක්වෙන්නේ සමාගමක් කොටස් නිකුත් කිරීමේ අරමුණු කිහිපයකි.
ණය මඟහැරීම (Avoiding Debt)
බොහෝ සමාගම් කොටස් නිකුත් කිරීමට පෙළඹෙන්නේ ණය ලබාගැනීමෙන් වැළකී සිටීමටය. ණය ලබාගැනීම සහ මූලික කොටස් නිකුතුවක් යනු සමාගමක් වෙත අරමුදල් සම්පාදනය කර ගන්නා එකිනෙකට වෙනස් ක්‍රම දෙකකි. සමාගමක් ක්‍රියාකාරීව පවත්වාගෙන යාමට එයද අවශ්‍ය ය. ඒ අනුව, සමාගමක් ණය ගැනීම තුළින් නිරූපණය වන්නේ දිගුකාලීන ණය සහ පොලී පිරිවැය වන අතර, කොටස් නිකුත් කිරීම හරහා නව කොටස්කරුවන් වෙතින් සමාගම වෙත ඉක්මනින් අරමුදල් රැස්කර ගත හැකි වන අතර, ඔවුන් සමාගමේ පාර්ශ්වකරුවන් බවටද පත් වේ. සමාගමක අයිතිකරුවන්ට තම සමාගමෙහි හැසිරවීමේ අයිතිය සමාන්‍ය ජනතාවට විකුණා දැමීමට අවස්ථාවක් කොටස් නිකුත් කිරීම තුළින් උදාවන අතර එහි ප්‍රතිඵලය වනුයේ සමාගම වෙත නව අරමුදල් ලැබෙන අතර ඒ තුළින් ණය ලබාගැනීමේ අවශ්‍යතාව මගහැරීයාමය.
මෙහි තවත් කොටසක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න...